Friday, May 9, 2014

අංගම්පොර සටන් කලාව



අංගම් ශිල්පීන් දෙදෙනෙක් 


                                            මෙම අංගම්පොර කලාව අප ශ්‍රී ලාංකිකයන්ට පමණක් අවේනික වූ සටන් කලාවකි. අංගම්පොර කලාවට අවුරුදු 3300 කටත් වැඩි ඉතිහාසයක් ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු කල හැක. එනම් මෙම කලාව රාවණා රජුගේ කාලයෙනුත් ඔබ්බට දිව යන්නක් ලෙස දැක්විය හැක.නිල ක්‍රමවේදය ,ගැට ශ්‍රාස්ත්‍රය ,පැනුම් පිණුම්,ගුටි හරබ ආදී ශරීරයෙන් කරන සටන් අංගම් කලාවට අයත් වේ.ජනවහරේ පැවත එන සුර-අසුර,රාම-රාවණා වැනි යුද්ධ වලදීද හෙළයන් අංගම් කලාව භාවිතා කරමින් සටන් කර ඇත.
එතුණු කඩුව භාවිතය
                                            අංගම්පොර කලාව විවිධ වර්ගයේ වූ ආයුධ රැසකින් සමන්විත වුවකි.ඒ අතර එතුණු කඩුව නම් වූ ආයුධය විශේෂ තැනක් ගනී.තියුණු නම්‍යශීලී ලෝහ පටි 32කින් සමන්විත වූ මෙම ආයුධය කසයක හැඩයක් ගනී.අංගම්පොර කලාව හා බැඳුනු මෙම ආයුධය සමුලඝාතනය සදහා යොදා ගන්නකි.මෙය ඉතා දියුණු හා සංකීර්ණ හරබ වලදී යොදා ගන්න අතර දෑතට දෙකක් භාවිතා කරයි.මෙම ආයුධය මනා පුහුණුවක් ලද ප්‍රවීණ සටන් කරුවන් පමණක් භාවිතා කරයි  මන්ද  ප්‍රතිවාදිය හට එල්ල කරන ප්‍රහාරයක් නියමාකාරයෙන් සිදු නොවහොත් එය පෙරලා තමන්ටම මාරාන්තික ප්‍රහාරයක් විය හැකි බැවිනි.අංගම් කලාව හා බැඳුනු ආයුධ අතර හෙළ කඩුවද විශේෂ තැනක් ගනී.මෙය අංගම්පොර ශිල්පියාට අනන්‍ය ලෙස නිර්මාණය කරන අතර එය ශිල්පියාගේ අතේ දිගට සමාන දිගකින් නිර්මාණය කරයි.කඩුව සමග පලිහ නම් අයුධයද භාවිතා කරයි.



අංගම්පොර අනු අංග 3කත බෙදා දැක්විය හැක
1.පොර හරබ
2.ගැට පූට්ටු
3.මාරු කලාව


******පොර හරබ******
                                         පොර හරබයේදී සටන් ශිල්පියා මුලික වශයෙන් පහර දීම,පහර වැලැක්වීම,ආදී මාරුව,ගමන්තාල,ඇත හරබ,පා හරබ පහුණු වෙනු ලබයි.තවද පොර හරබයකදී අංගම් ශිල්පියෙකු"උකුස්සාගේ ඇසත්","මොණරාගේ කනත්","වදුරගේ පැනිල්ලත්","කොටියාගේ ගමන් විලාසයත්"හා"වලසාගේ බැදගැනීම" යන ශිල්ප අංග එකවර භාවිතය පුරුදු වීම අනිවාර්ය වේ.


*****ගැට පූට්ටු*****
                                       අංගම් කලාව තුල ගැට පුට්ටුවටද විශේෂ තැනක් හිමි වේ. අංගම් ශිල්පිය තමන්ගේ ශරීරාංග උපයෝගී කරගනිමින් තම ප්‍රතිවාදියාගේ පහර වැලැක්වීම, ප්‍රතිවාදිය තම ග්‍රහණයට හසු කර ගැනීම,අඩපන කිරීම හෝ මරණයට පත් කිරීම මෙයින් සිදු කරයි. තවද ප්‍රතිවාදියා තමන්ට ගැටයක් දැමුවහොත් එම ගැටයෙන් ගැලවී නැවතත් තම ප්‍රතිවාදියාට ගැටයක් දැමීමට ප්‍රවීණ අංගම් ශිල්පීන්ට හැකියාව ඇත.

*****මරු කලාව*****
                                       අංගම්පොර ශ්‍රාස්ත්‍රය යටතේ අයුධ නොමැතිව සටන් කිරීමේදී සුවිශේෂී අංගයක් වන්නේ නිල ඇල්ලීමයි. අංගම් සටනකදී මාරු කලාව ඉතාමත් වැදගත් වේ. ගුරුන්වහන්සේ විසින් සැම සිසුවෙකුටම මෙම මාරු කලාව නූගන්වන අතර තමාගෙන් පරතෙරටම සටන් කලාව හදාරනු ලබන විශ්වාසවන්ත සිසුවන් හට පමණක් මෙමෙ මාරු කලාව උගන්වයි. ඔවුන්ටද එය ඉගැන්වීමට ප්‍රථම රාවණා දෙවියන් හට පුද පූජා හා දිව්රුම්දීම් හතක් සිදු කරනු ලබයි.
                                      අංගම් ශශිල්පයේදී මරුකලාව නියමාකාරයෙන් භාවිතා කිරීමට ජ්‍යොතිෂ විද්‍යාව පිලිබදව මනා දැනුමක් තිබීම අනිවාර්ය වේ. මරුකලාවේ ප්‍රධාන නිල 107ක් පිලිබදව කියවෙන අතර මාරාන්තික නිල 12ක් පිලිබදව කියවේ.

                                     අංගම්පොර සටන් කලාවේදී අතින් සහ පාදයෙන් ප්‍රබල මුෂ්ටි ප්‍රහාර එල්ල කිරීම පිළිබද ක්‍රමවේද 4000ක් පැවති බවට ජන සාහිත්‍යයේ සදහන්ව ඇත. නමුත් අද වන විට ඉතිරි වී ඇත්තේ එයින් ඉතා සුළු ප්‍රමාණයක් පමණි.
                                     මෙම අංගම්පොර සටන් කලාව හැදෑරීමට පැමිණෙන ආධුනුකයන්ගේ හදහන බලා එහි ඇති ග්‍රහ පිහිටීම් වලට අනුව ඔහු/ඇය සටන් පුහුණුවට සුදුසුදැයි පරික්ෂා කරනු ලැබේ. තවද එම පුද්ගලයා සිංහල බෞද්ධයෙකු වීම අනිවාර්ය වේ. පසුව ඔවුන් පුරාණ දේවතාවන්ට හා යක්ෂයින්ට පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව ඉගෙනුම අරබයි.මෙම සිසුන් භාවනා කිරීම තුලින් සිත දමනය කිරීමටද පුහුණු වෙයි.ආරම්බයේදීම දැඩි ප්රාරම්බක අභ්‍යාස වල නිරත වන ඔවුන් අනතුරුව අංගම්පොර කලාව හා සම්බන්ද වූ,දැඩි වූත්,රළු වුත් පුහුණු අභ්‍යාස වලට අවතීර්ණ වෙයි. මෙමෙ පුහුණුවීම් වලට හෙළ වෙදකම,ඉතිහාසය,දේහ ධර්ම විද්‍යාව, මන්ත්‍ර ශාස්ත්‍රය වැනි මන්ත්‍ර ශාස්ත්‍ර කොටස් ද එකතු වේ. කෙසේ හෝ කිසියම් ගුරුකුලයකට සම්බන්ධ වූ ආධුනිකයා උදැසන සිට සවස කාලය දක්වා කාලය තුල අවි හරබය,ව්‍යායාම,බෞද්ධ භාවනා ක්‍රම,අංගම්පොර යන්ත්‍ර මන්ත්‍ර,ප්‍රතමාදාර හා අවි නිෂ්පාදනය ප්‍රගුණ කල යුතු විය.

No comments:

Post a Comment